FAST NEWS

24×7 Around the Globe

facebook අභිබවන ඇප් එක සමීක්ෂණයකින් හෙළි වෙයි..

මේ වනවිට ප්‍රවෘත්ති ගවේෂණය සහ හුවමාරුව සඳහා පුද්ගලයින් වැඩි වශයෙන් whatsapp ජංගම දුරකථන මෘදුකාංගය භාවිත කරන බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

මෙම සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ මැලේසියානු වැසියන්ගෙන් 50%ට වැඩි ප්‍රතිශතයක් සතියක් තුළදී ප්‍රවෘත්ති පිළිබඳ දැනුවත් වීම සඳහා whatsapp මෘදුකාංගය යොදා ගන්නා බවයි.

කෙසේ වෙතත් ඇමෙරිකානු වැසියන් සහ බ්‍රිතාන්‍ය වැසියන් whatsapp මෘදුකාංගය භාවිත කරන්නේ 3% ක් සහ 5% ක් අතර ප්‍රමාණයක් බව සදහන්ය.

මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ ප්‍රවෘත්ති සෙවීම සඳහා facebook භාවිත කරන ප්‍රතිශතය තවමත් ඉහළම ස්ථානයේ පැවතියද whatsapp මෘදුකාංගය වර්ධනීය මට්ටමකට ලඟා වී ඇති බවයි.

oxford විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය සම්බන්ධ අධ්‍යයන ආයතනයක් විසින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.