FAST NEWS

24×7 Around the Globe

සයිටම් ප්‍රහාරයෙන් තුවාල වූ STF නිලධාරීන්ට වෛද්‍යවරු ප්‍රතිකාර කළේ නැහැලු..!

සයිටම් විරෝධි සිසුන්ට ඊයේ (21) එල්ල වූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 70 දෙනෙකු පමණ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මෙහිදී තුවාල ලැබූ අතර තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් කළ විමසීමක දී ඔහු ඒ බව තහවුරු කරනු ලැබූ අතර කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ එවැනි කිසිදු සිදුවීමක් තමන් වෙත වාර්තා නොවූ බවයි.