FAST NEWS

24×7 Around the Globe

නිරුවත් කාන්තාවට සමාන ලංකාවේ වැවෙන මල.. (ඡායාරූප)

 

නාරිලතා නැතිනම් ලියතඹරා නමින් නිරුවත් කාන්තාවකගේ දේශ ලක්ෂණ විදහා දක්වන මල් විශේෂයක් පිළිබද අප දැන සිටියත් ඉන්දියාවේ හිමාල අඩවියේ පිපෙන විරල ගණයේ මල් ජාතියක් පිළිබද මෙතෙක් අසා නැති වීමට පුළුවන.

පසුගිය වසර කිහිපය තුළ නාරිලතා මල් යයි හඳන්වපු නිරුවත් කාන්තාවකගේ අඟපසඟට බෙහෙවින් සමාන මල් ඇති ගසක ඡායාරූප 3 ක් අන්තර්ජාලයේ පැතිර තිබූ  අතර වසර 20 කට වරක් පිපෙන මෙම පුෂ්පය හැමතැනම දැකගැනීමට නොමැති බවද එහිදී කියැවුණි.

එසේම මේවා වැවෙන්නෙ හිමාලයේ ,තායිලන්තයේ හෝ ලංකාවේ බවට අන්තර්ජාල විස්තර තිබූ නමුත් ඒ මල් වල ඡායාරූප 3 ක් පමණක් තිබීම සැකයට හේතුවූ බවද සදහන් වුණි.

කොහිදී ලබාගත්තේද  කවර තැනකදී මේ මල් දැකගන්නට ලැබේද වැනි විස්තරයක් ඇත්තටම සොයාගන්න අපහසු වූ අතර උද්භිද විද්‍යාවට සම්බන්ධ කිසිදු ලේඛනයක මේ ඡායාරූප තහවුරු කරගැනීමට නොහැකි බවද කියැවිනි.

මේ නිසා මේ මල් ඡායාරූප කිසිවෙකු විසින් බෝනික්කන් ගසක එල්ලා නිර්මාණය කර ලබාගත් ඡායාරූප විය හැකි බවට හෝ ෆොටෝ ෂොප් වැනි මෘදුකාංගයකින් මවන ලද ව්‍යාජයක් බවට තොරතුරුද පළවුණි.

නමුත් ලංකාවේ සංන්දේශ කාව්‍ය වල පවා කියැවෙන නාරිලතා පුෂ්පය නැති නම් ලියතඹරා මල කුමක්ද යන සැකය අපට ඉන් පසු පහළ වූයේ කාන්තා නිරුවත් රුවට සමාන එවැනි මල් විශේෂයක් නොතිබුනේ නම් මෙතරම් නිර්මාණ බිහිවන්නේ කෙසේදැයිද අපට සැකයක් මතුවෙන නිසාවෙනි.

එම සැකය දුරු කරමින් ලංකාවේ වැවෙන එක්තරා ඕකීඩ් විශේෂයක් මේ කියන නාරිලතා මල විය යුතු බවට පසුගිය කාලයේ පැහැදිලි කර ඇති අතර මෙම මල orchidaceae පවුලට අයත් habenaria crinifera යන නමින් හැඳින්වෙන බවද වාර්තා වුණි.

සුදු පැහැති ලෙස පිපෙන මෙම මලෙහි විශේෂත්වය නම් මෙය නිරුවත් ගැහැණු ළමයෙකුගේ රුවට බොහෝ දුරට සමාන ලෙස පිපී තිබීමය.

habenaria විශේෂ 10ක් පමණ ලංකාවේ හමුවන බවත් ඉන් 4ක් ලංකාවට ආවේනික බවත් කියැවේ.

ලංකාවේ වැවෙන මල් විශේෂයක් ලෙස හඳුන්වාදෙමින් රජය මගින් මෙහි රුව සහිත මුද්දර පවා නිකුත් කර ඇත.

ලංකාවේ පහතරට තෙත්බිම් වලත් ඉන්දියාවේ හා තායිලන්තයේත් මෙම මල් පිපෙන බව වාර්තා වූ අතර ඉන්දීය ආයුර්වේද පැලෑටියක් ලෙස ගැණෙන මෙම නාරිලතා පැලෑටිය එරටදී හිසරදය සමනය කිරීමේ ඔසුවක් ලෙස භාවිත කරන බවද පැවසේ.