FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩකයනගේ ශාරීරික යෝග්‍යතාව සොයා බැලීමට කමීටුවක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයනගේ ශාරීරික යෝග්‍යතාව සොයා බැලීම සඳහා ශ්‍රී ලංක ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමීටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

සිම්බාබ්වේ හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම්හි එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාර වෙනුවෙන් මෙම පත්කිරීම සඳහා සිදුකර ඇති බවත් පැවසේ.

ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේදී පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයේ පරාජයෙන් පසුව ඒ පිළිබදව අවධානය යොමුකරමින් මෙම පත්කිරීම සිදුකර බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව ඉදිරි තරගාවලි දෙක වෙනුවෙන් තෝරාගත් 30 දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (21දා) ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා පෙනී සිටි බවත් සඳහන්.

(DE සිල්වා)