FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂාවට ආ වාහනය එක්ක ඇමතිගේ වාහනය හැප්පිලා.. (ඡායාරූප)

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණා මහතා ගමන්ගත් නිල මෝටර් රථ ඊයේ (21) එරාවුර්හිදී එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

අමාත්‍යවරයා ගමන්ගත් වාහනය හා ඔහුට පසුපසින් ආරක්ෂාව ලබාදුන් වාහනය එකිනෙක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත.

ඊයේ (21) සවස මඩකලපුවට පැමිණි අමාත්‍යවරයා මයිලම්බාවෙලියේ කෝවිලකට ගොස් මඩකලපුව කොළඹ මාර්ගයේ නැවත මඩකලපුවට එමින් සිටියදී අනතුර සිදුව තිබේ.