FAST NEWS

24×7 Around the Globe

ස්ටෝබෙරි ආනයනය තහනම් වෙයි..!

කෘමිනාශක ද්‍රවයන් විශාල ලෙස අඩංගු වීම හේතුවෙන්  ඊජිප්තුවෙන් ආනයනය කරනු ලබන ස්ටෝබෙරි ජුලි 11දින සිට ත්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තහනම් කිරීමට සෞදි බලධාරීන් තීරණය කර ඇති බව Almarsd පුවත්පත වාර්තා කළේය.

ස්ටෝබෙරි අපනයන සමය අප්‍රේල් 10දින අවසන් වීම නිසා අදාල තහනම ඊජිප්තු ස්ටෝබෙරි කර්මාන්තයට බළපෑමක් එල්ල නොකරනු ඇති බව ඊජිප්තු කෘෂිකර්ම අපනයන සභාවේ නිලධාරියකු වන අබ්දෙල් හමීඩ් අල්- ඩීමඩෑෂ් රෝයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

එලවළු, පලතුරු සහ රනිල කුලයට අයත් භෝග අපනයනය කිරීමෙන් පසුගිය වසරේ (2016) ඇ:ඩෝ බිලියන 2.2ක ආදායමක් ඊජිප්තුව ලබා ගෙන ඇති බව සදහන් වන අතර දොඩම් සහ ස්ටෝබෙරි ප්‍රධාන පලතුරු අපනයනයන්ටද අයත් වේ.

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)