FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියාව ‘කුරිරු පාලනයක්‌’ සහිත රටක් – ට්‍රම්ප්

උතුරු කොරියාව තුළ සිර භාරයේ පසු වූ ඇමරිකානු සිසුවාගේ මරණය පිළිබඳ අදහස්‌ දැක්‌වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාව ‘කුරිරු පාලනයක්‌’ සහිත රටක්‌ ලෙස හඳුන්වන බව විදෙස් වාර්තා පවසයි.

මාස පහළොවකට වැඩි කාලයක්‌ සිර භාරයේ පසු වූ විසි දෙහැවිරිදි ඔටෝ වෝම්බියර් නැවත ඇමරිකාව වෙත එවීමට උතුරු කොරියාව පසුගියදා කටයුතු කළේය.

‘ඔහු වසර එකහමාරක්‌ උතුරු කොරියාවෙ ගත කළා. ගොඩක්‌ නරක දේවල් සිදු වුණා. උතුරු කොරියාව කියන්නේ කුරිරු පාලනයක්‌ සහිත රටක්‌. ඔවුන්ව පාලනය කරන්න අපට හැකි වේවි’ යනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේය.

ඔටෝ වෝම්බියර් වසරක කාලයක්‌ කෝමා තත්ත්වයේ පසු වූ බව පවසන උතුරු කොරියාව මානුෂීය කරුණු මත පදනම්ව ඔහු නිදහස්‌ කරන බව සඳහන් කළේය.

(DE සිල්වා)