FAST NEWS

24×7 Around the Globe

සංවර්ධනය හා බෙලි කැපිලි ගැන සරත් ෆොන්සේකා පහදයි….

පසුගිය මාස හය තුළ රටේ සංවර්ධනයක් නොවුණු  බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පස්ස දොරින් පැමිණ වර්තමාන ජනාධිපතිවරයාගේ බෙල්ල කැපීමට සූදානම් වන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ‍ ෆොන්සේකා ඊයේ (16දා) කැකිරාව නගරයේදී පැවැති රැස්වීමකදී  කියා සිටියේය .

හිටපු ජනපතිවරයා නැවතත් මහ මැතිවරණය ඉදිරිපත්වීම උපාධියක්  ලබාගෙන පසුව පහේ විභාගයක් ලියන්නට  සැරසෙනවා වැනි වැඩක් යැයිදි, නැවතත්  රට  අඳුරු යුගයකට පත් කිරීම ඉඩ නොදන බවද ඔහු සඳහන් කළේය.