FAST NEWS

24×7 Around the Globe

කාන්තාවක් වැසිකිලියේ බිහිකල බිළිඳා මරා දමලා..?

වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේදී කාන්තාවක් වැසිකිලියේ බිහිකල බිළිඳා මිය ගොස් ඇති අතර බිළිඳා මරා දමා ඇත්දැයි යන්න පරික්ෂණයක් වව්නියාව පොලීසිය විසින් ආරම්භ කොට ඇත.

27 හැවිරිදි පී.ඩිල්සියා නැමිති අදාල කාන්තාවට සැමියෙකු නොමැති අතර මෙම ගැබ් ගැනීම අනියම් ඇසුරක් නිසා සිදුව ඇති හෙයින් ප්‍රදේශවාසීන්ට හොර රහසේ බිළිඳා නිවසේ වැසිකිලිය තුලදී බිහිකොට පසුව ලේ වහනය වීම නිසාවෙන් බිය වී බිළිඳාද රැගෙන වව්නියාව මහරෝහලට ඇතුලත් වී ඇත.

අදාල කාන්තාව වව්නියාව මහරෝහලට ඇතුලත් වන විටද බිළිඳා මිය ගොස් සිටි බවටද වව්නියාව රෝහල් නිලධාරියෙකු කියා සිටියේය.

කෙසේ වෙතත් අදාල දරුවාගේ පියෙකු නොමැති හෙයින් ඒ පිළිබඳව සැක සහිතව බිළිඳා අදාල කාන්තාව විසින් මරා දමන්නට ඇත් දැයි යන්න මේ වන විට වව්නියාව පොලීසිය විසින් පූරණ පරික්ෂණයක් ආරම්භ කොට ඇත.