FAST NEWS

24×7 Around the Globe

ගයන්තගේ නමින් කෙසෙල් ගෙඩි බෙදූ CID ආ තරුණයා කළ ප්‍රකාශය මෙන්න..

ආපදා සමයේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් කෙසෙල් ගෙඩි බෙදූ බවට සමාජජාල මාධ්‍ය වෙත ඡායාරූප මුදාහැරි බව කියන තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කළේ එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවයි.

එහිදි මෙම සැකකරු ප්‍රකාශ කර ඇත්තේ අදාළ ඡායාරූප පළමුව සමාජජාල මාධ්‍ය වෙත මුදාහැරියේ තමන් නොවන බවත් හා තමා සිදුකළේ තමාට ලැබුණු ඡායාරූප ෆේස්බුක් වෙත මුදාහැරීම පමණක් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරුණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සදහා සැකකරුට හෙට(22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද දන්වා ඇති බව වාර්තා විය.