බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ‘ඥාණසාර’ යයි නම පමණක් කියා කිහිප වතාවක්ම තමන්ද ආමන්ත‍්‍රණය කර ඇති බවත් එසේ කලේ ඇතැම් අවස්ථාවන්හිදී උන්වහනසේගේ හැසීරීමෙන් ගෞරවය අඩු වූ නිසා බවද ඇමති එස් බී දිසානායක අද(21) පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ අදහස් පල කලේය.
අස්ගිරි මහ නාහිමියන් විසින් නිකුත් කර ඇති නිවේදනයෙන් තමන්ටද චෝදනා එල්ල වන බවක් හැඟී යන බවද පවසන ඇමතිවරයා තමන් ගැන කලකිරීමක් ඇති වූයේ නම් බලවත් කණගාටුව පළ කරන බවත් මහනායක හිමිවරුන්ගෙන්ද සංඝ සභාවෙන් සමාව ගන්නා බවද සදහන් කලේය.
ඥානසාර හිමි විසින් ප‍්‍රකාශ කරන අදහස් ගැන කිසි මතවාදයක් නැති වුවද එය ප්‍රකාශ කරන ආකාරය ගැන ගැටළුකාරී තත්ත්වයක් ඇතැයිද පැවසූ ඇමතිවරයා රට තුළ වු බොහෝ ගැටුම්කාරී අවස්ථාවන්වන උන්වහන්සේ හැසිරීම දැඩි ලෙස බලපෑමක් එල්ල කළ බවද පැවසීය.









