FAST NEWS

24×7 Around the Globe

බෙල්ජියමේ බ්‍රසල්ස් දුම්රිය ස්ථානයක පිපිරීමක්

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදි මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට පැමිණි බවට සැක සහිත පුද්ගලයකු ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

එම අවස්ථාවේ කුඩා පිපිරීමක් සිදු වූ බවත් කිසිවකුටත් හානි නොවූ බවත් බලධාරීහු පවසති.

මරාගෙන මැරෙන ප්‍රහාරයකට පැමිණි බව කියන එම පුද්ගලයා බෝම්බ බඳපටියක් ඉනෙහි බැඳ ගමන් මල්ලක් කරේ එල්ලාගෙන සිටි බව එරට මාධ්‍ය පවසයි.

දුම්රිය ස්ථානයේ සිටි ආරක්ෂක අංශ සාමාජිකයන්ට ඔහු පිළිබඳව සැක ඇති වූ අවස්ථාවේ ඔහු කුඩා බෝම්බය පුපුරුවා ඇත.

 වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔහුට වෙඩි තබා ඇත.

මේ වනවිට දුම්රිය ස්ථානයෙන් මගීන් ඉවත් කර ඇති අතර තත්වය පාලනය කර ඇති බව ආරක්ෂක අංශ පවසයි.