FAST NEWS

24×7 Around the Globe

තම සහජාත දියණියට අතවර කළ තඹුත්තේගම පියා

තම සහජාත දියණියට අතවර කළ පියා දින 6 ක්‌ අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙසට තඹුත්තේගම වැඩබලන මහෙස්‌ත්‍රාත් සංජීවනී රත්නායක මහත්මිය නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කළේ කලක්‌ නාවික හමුදා සේවයේ රාජකාරි කළ පුද්ගලයෙකි.

මෙම පුද්ගලයාගේ බිරිඳ තම වෙළෙඳ සැලේ වෙළෙදාම කිරීම සඳහා යවා එම කාල සීමාව තුළදී විටින් විට තම දියණියව කීප වතාවක්‌ම දූෂණය කර තිබෙන බවට දියණිය පොලිසියට කියා ඇත.

මෙම සිද්ධිය පිළිබඳව හෙළි කළොත් මරා දමන බවට තර්ජනය කොට තිබේ.

කෙසේ නමුත් ඥතීන් මගින් මෙම සිද්ධිය අනාවරණය කොට තිබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් එප්පාවල පොලිසියේ කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස්‌ පරීක්‍ෂිකා චාන්දනී මහත්මියගේ අධීක්‌ෂණය යටතේ පරීක්‍ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.