FAST NEWS

24×7 Around the Globe

“මහේල අයියේ ලංකාවේ ක්‍රීකට් වලට ගෑවෙන්න එපා” කියූ රසිකයාට පිළිතුරූ.. (ඡායාරූප)

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ මීළග පුහුණුකරු බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහේල සමග සාකච්ඡා කළ බවට පුවතක් වාර්තා විය.

කෙසේ නමුත් මහේල ජයවර්ධන සිය නිල ට්විටර් ගිණුම ඔස්සෙ රසිකයෙකු ඇසු පැනයකට පිළිතුරු ලබා දෙමින් සදහන් කර ඇත්තේ එලෙස කිසිදු සාකච්ඡාවකට තමන් සහභාගී නොවු බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සහභාගී නොවන ලෙස රසිකයෙකු මහේලගෙන් සිදුකළ ඉල්ලීමක් මහේල සිය ටිවටර් ගිණුමට රීට්වීට් කර තිබීමද විශේෂ වේ.

මහේල ජයවර්ධනගේ නිළ ට්විටර් ගිණුමෙන් ලබා ගත් ඡායාරූප පහතින්..