ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත් පාකිස්තාන කණ්ඩායම අද(20) අළුයම සිය මව් රටට පැමිණි අතර එරට මාධ්‍ය වාර්තා කලේ ඔවුන් පිළිගැනීම සඳහා ලාහෝර් ගුවන් තොටුපළ පරිශ්‍රයේ විශේෂ පිලිගැනීමේ උත්සවයක්ද පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ බවයි.
ක්‍රීඩා ලෝලින් රැසක් ඔවුන් පිලිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිට ඇති අතර පාකිස්ථාන මාධ්‍ය වාර්තා සඳහන් කළේ ලාහෝර් ගුවන් තොටුපල ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්ද සපයා තිබූ බවයි.
අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 180කින් පරාජය කරමින් පාකිස්ථානය මෙවර ශූරයන්ගේ කුසලානය දිනා ගැනීමට සමත් විය.
වීඩියෝව පහතින්..









