ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනා වත්මන් ජාතික ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගිය දිනවල ජපානයේ සංචාරයක නිරත වූ අතර එම සංචාරය ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය උණුසුම් කිරීමට හේතූ වූයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ජපානයේදී ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන් සමග රහස් සාකච්චා වල යෙදුනා යැයි මත පලවීමත් සමගය.
කෙසේ නමුත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතියෙකු වන උදයංග වීරතුංග සමග නියෝජ්‍ය අමත්‍යවරයා පෙනි සිටි ඡායාරූපයක් පිළිබදව මේ දිනවල කතාබහට ලක් වන බව වාර්තා විය.
අරුන්දික ප්‍රනාන්දූ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේද මේ ඡායාරුපය පළ කර තිබෙන අතර එහිදි උදයංග වීරතුංග සමග අරුන්දික ප්‍රනාන්දු සාකච්ඡා කලේ කුමන කරුණක් පිළිබදවදැයි තවමත් වාර්තා වන්නේද නැත.
කෙසේ නමුත් නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර නියෝජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් දි තිබුනේ මාධ්‍ය හමුවක් පවත්වා අදාළ සාකච්චාවේ අරමුණු සහ කරුණු රටට හෙළි කරන ලෙසය.
අදාළ ඡායාරූපය පහතින්..










