FAST NEWS

24×7 Around the Globe

විකෘති කරන ලද මුදල් නොට්ටු දෙසැම්බර් 31 පසු භාර නොගැනේ..

හානි කරන ලද, විකෘති කරන ලද හෝ වෙනස් කරන ලද  මුදල් නෝට්ටු සඳහා 2017 දෙසැම්බර් 31න් පසු  මහ බැංකුව විසින් මුදල් ගෙවීම් සිදු නොකරන බව මහ බැංකුව නිවේදනය කරයි.

එවැනි මුදල් නෝට්ටු තමන් සතුව ඇත්නම් බලපත්‍ර ලාභී වාණිජ බැංකු  මගින් හුවමාරු කරගන්නා ලෙස ද මහ බැංකුව ඉල්ලා සිටී.

ඒ අනුව දෙසැම්බර් 31න් පසු ව මුදල් නීති පනත යටතේ පනවන ලද අදාළ රෙගුලාසි ඊ (Regulation E) යටතේ සිතාමතා විකෘති කරන ලද හෝ වෙනස් කරන ලද හෝ හානි කරන ලස මුදල් නෝට්ටු මහ බැංකුව භාරයේ රඳවා තබා ගන්නා අතර ඒ සඳහා කිසිදු ගෙවීමක් සිදු නොකරයි.

අදාළ කාලසීමාවෙන් අනතුරුව ද එවැන මුදල් නෝට්ටු සන්තකයේ තබාගන්නන් හට එම මුදල් නෝට්ටුවල වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදු වේ.