FAST NEWS

24×7 Around the Globe

එක එක්‌කෙනාට ඕන ඕන විදිහට ත්‍රීවීල් ගාස්‌තු වැඩිකරන්න බැහැ..

ත්‍රිරෝද රථ ගාස්‌තුව රුපියල් 10 කින් තම සංගමය කිසිසේත්ම වැඩි නොකරන බව සමස්‌ත ලංකා ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක්‌ මහතා ඊයේ (18 වැනිදා) පැවසීය.

මගී ජනතාව හා රජය අපහසුතාවට පත්කිරීමට තමන් සූදානම් නොමැති බවද හෙතෙම පැවැසීය.

එසේම සුදිල් ජයරුක්‌ මහතා මෙසේද සදහන් කලේය.

“මගී ජනතාවට ගෞරවාන්විත සේවාවක්‌ ලබාදීම තමයි අපේ අරමුණ. එක එක්‌කෙනාට ඕන ඕන විදිහට ත්‍රීවීල් ගාස්‌තු වැඩිකරන්න බැහැ. එහෙම වැඩි කළොත් දැන් අපේ ත්‍රීවීල්වල යන මගියන් ආයේ යන්නේ නැති වෙනවා. අපි රජයෙන් ඉල්ලන්නේ මේ ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ ආයතනයක්‌ පිහිටුවන්න කියලයි.