තමන් සහ තම දරුවනට නිවසක් සාදා දීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් වෙන් කර තිබූ රුපියල් කෝටියක මුදලක් එම පක්ෂ වත්මන් නායකත්වය විසින් තමනට නොදී මග හරිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණු නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ බිරිද චිත්රාංගනී විජේවීර පවසයි.
සෝමවංශ අමරසිංහ ජවිපෙ නායකත්වය දරද්දී මෙතරම් මුදලක් වෙන් කර තිබූ බව තමනට දැන්වූ බවද ඇය සදහන් කරයි.
වසර 25ක පමණ කාලයක් නාවුක හමුදා කදවුරක් තුල දිවි ගෙවන තමනට තවත් එසේ ජීවත් විය නොහැකි බවද පවසන ඇය දැන් එම ස්ථානයෙන් ඉවත්ව යාමට තැනක් නැති බවද සදහන් කරයි.
වීඩියෝව පහතින්..









