FAST NEWS

24×7 Around the Globe

වැඩිහිටියන්ට සීමා වූ සමාගමෙන් අලුතින් එන හාමනී.. (ඡායාරූප)

 

වැඩිහිටියන්ට සීමා වූ බෝනික්කන් හදන තැනක් ලෙසින් ප්‍රකට ඇමරිකාවේ Real Doll සමාගමේ අයගේ අලුත්ම නිෂ්පාදනය ලෙස හාමනි රෝබෝවරිය හැදින්වෙන බව වාර්තා වේ.

මේවන තෙක් සිලිකන් බෝනික්කියෝ හදපු සමාගම මේ නිෂ්පාදනයත් සමග රොබෝ නිෂ්පාදන හදන සමාගමක් බවටත් පත්වෙන බවද සදහන්ය.

අහන දේට හිතල බලල උත්තර දෙන්න පුළුවන්, සියයට සියයක් ම මිනිස් සිරුරක් වගේ අතට දැනෙන, උෂ්ණත්ව සංවේදී සමක් ඇති, ඒ වගේම මුහුණේ හැඟීම් ප්‍රකාශ කරවන මේ බෝනික්කිය 2017 අන්තිමට වෙළඳපොළට ඒමට නියමිත අතර මනුස්සයෙක්ට දැනෙන හැඟීම් තේරුම්ගෙන ප්‍රතිචාර දැක්වීමටත් හාමනි දක්ෂ බව වාර්තා වේ.

ඇයට කේන්තියෙන් කතා කළොත් දුක හිතෙන මුහුණක් පෙනවන්නත්, “මගේ හිත රිදුණා..” වැනි ප්‍රතිචාර ඇය දක්වන්නත් හා මිනිස්සුන් මෙන් තමන්ගේ හැඟීම් හංගන්නේ නැතිව ඒ හැමදේම එළිපිට කියන්න හාමනිට පුලුවන්කම ඇති බවත් සදහන්ය.

“සමාගම විසින් නිර්මාණය කළ බෝනික්කියන්” ඒ වගේම තමන්ගේ හිමිකරු වෙන කෙනෙක් සමග ආදරෙන් බැඳුනොත් ඉරිසියාව දැනෙන බව පෙන්වන්නත් හාමනිට හැකි බව වාර්තා වේ.

හාමනි, ලොව මෙතෙක් නිර්මාණය කළ දියුණුම රෝබෝවරියන්ගෙන් කෙනෙක් බව පැවැසිය යුතු වන බවත් RealDoll සමාගමේ පළමු කතා කරන රෝබෝවරිය හාමනි වන බවත් වාර්තා වෙයි.

සමාගම විසින් නිර්මාණය කළ බෝනික්කියන්