පෙරේදා (14දා) රාත්‍රි 8.30ට පමණ කොට්ටාවේදී දුම්රියට ගෙළ තබා මියගිය බවට වාර්තා පළවූ 18 හැවිරිදි පාසල් සිසුවිය එසේ මියයාම සියදිවි නසාගැනීමක් නොව ඝාතනයක් විය හැකි බවට ඇගේ පියා පොලිසියට දැන්වීමෙන් අනතුරුව මේ වනවිට විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ සවින්දි පබසරා ජයසේකර නමැති සිසුවිය මෙම අවාසනාවන්ත අනතුරින් මිය යන ලදි.
කොට්ටාවේ පැරැණි දුම්රියපොළ සහ අලුතින් ඉදිවන දුම්රිය පොළ අතර පිහිටි කන්ද කැපූ ස්ථානයේ දුම්රිය පාර අසල රේල් පාරේදී ඇය දුම්රිය පීල්ලට ගෙළ තබා දුම්රියට බිලිවූ පසු හිස කඳින් වෙන්වුන ආකාරය මින් ඉහත පේරාදෙණියේ උපාධිධාරිනිය මියගිය ආකාරය අනුකරණය කිරීමක් ලෙස අදහස් පළව තිබුණි.
සිද්ධියෙන් අනතුරුව ඇගේ ගමන් මල්ල ඇයගේ උර හිසක එල්ලී තිබී හමුවූ අතර ඇගේ ජංගම දුරකථනය සාක්කුවේ තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය සිසුවියගේ පියා වන කපිල ජයසේකර මෙසේ කියා තිබේ.
‘මිය ගොස් සිටින්නේ මගේ වැඩිමහල් දියණියයි. මගේ දුව මිය ගියේ දුම්රියට පැනලා නොවේ. මේක කවුරු හරි හිතාමතා සිදුකළ අපරාධයක්. දුව සිහි නැති කරලා හෝ වංචාවෙන් හෝ කවුරු හරි මෙතැනට ඇය රැගෙන ඇවිත් දුම්රිය පීලි උඩ ඇගේ හිස තබා දුම්රියට පැනීමෙන් සිදුවූ මරණයක් බවට පත් කිරීමට ගත් උත්සාහයක් බවට මම සැක කරනවා. මියගිය ඇගේ උරයේ පොත් බෑගය සහ සාක්කුවේ සෙල්ෆෝනය තිබුණා. දුම්රියට පනින අයෙක් බෑග් එල්ලගෙන පනින්නේ නැහැ. ඇය කවමදාකවත් සෙල්ෆෝනය බෑග් එකේ මිස සාක්කුවේ දමා ගන්නේ නැහැ.
තව කාරණාවක්, දුව පැලඳ ගෙන සිටි සපත්තු දෙකේ මඩ කිසිවක් තිබී නැහැ. ඒකෙන් පැහැදිලියි. කවුරු හරි දුව උස්සා ගෙන දුම්රිය පීල්ල මත ගෙල තබා මෙම අපරාධය සිදු කළ බව. මියගිය දවසේ සවස 7ටත් 7.30ටත් අතර අම්මා සහ මල්ලි සමඟ අවස්ථා දෙකකදී දුව කතා කර තියෙනවා. මම මඟ ඉන්නේ මේ දැන් එනවා කියලා තියෙනවා. සවස 7.30න් පසුව මම කතා කළාම ෆෝන් එක නිහඬව තිබුණා. ඒ වගේම එම වේලාව ඇතුළතදී මිතුරියක් අතරේ එස්.එම්.එස්. පණිවුඩ හුවමාරු කරගෙන තියෙනවා. ඒවායෙවත් ගැටලු තිබී නෑ‘
කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ කැලණිවැලි දුම්රිය කොට්ටාවේ ගමන් කරද්දී දුම්රිය පීල්ලට මැය ගෙල තබා සිටිනු ඈත සිට තමන් දුටු බවත් දුම්රිය නැවතීමට තරම් වේලාවක් නොතිබුණ බවත්, දුම්රියේ රියැදුරා ප්‍රකාශ කර තිබේ.
කොට්ටාව පන්නිපිටිය කුලතුංග පාරේ පදිංචිව සිටි මියගිය ශිෂ්‍යාව කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උසස්පෙළ ජීව විද්‍යාව හදාරමින් සිටි අතර සිද්ධිය දවසේ අමතර පන්තියකට සහභාගී වී නිවසට එමින් සිට ඇත.
බාල සහෝදරයෙක්ද සිටින පවුලේ වැඩිමහල් දියණිය වන බව කියැවෙන මැය පසුගිය වර්ෂයේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් “ඒ” සාමාර්ථ නවයක් ලබාගෙන තිබෙන අතර ඇගේ එකම අරමුණ වී තිබෙන්නේ උසසස් පෙළද ඉහළින් සමත්වීම බව දෙමාපියන් කියා ඇත.
ඇයට දිවිනසාගැනීමට හේතුවන කාරණා කිසිවක් දෙමාපියන් නොදන්නා බව දන්වා තිබුණ අතර මේ මරණය, සියදිවි හානි කර ගැනීමක් නොව කවුරුන් විසින් හෝ සිදුකළ අපරාධයක් බව දියණියගේ පියා කරන ප්‍රකාශය අනුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කරන්නට නියමිතවූ බව පොලිසිය පවසයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.