FAST NEWS

24×7 Around the Globe

ලක්‌ෂ 22 ක් වටින කසළ තේ තොගයක වැටලීම සිදු වුනේ මෙහෙමයි..

අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් ලක්‌ෂ 22 කට අධික වටිනාකමකින් යුත් මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු කසළ තේ තොගයක්‌ සමඟ සැකකරුවකු 14 වැනි දා ඉඟුරුකඩේ වරාය පිවිසුම් දොරටුව අසලදී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු කන්ටේනරයකින් වරාය තුළට රැගෙන එමින් තිබූ කසළ තේ කිලෝ 15,000 ක්‌ සමඟ අත්අඩංගුවට පත්ව ඇති අතර කසළ තේ කිලෝ 5 බැගින් අඩංගු තේ පෙට්‌ට්‌ 3000 ක්‌ කන්ටේනරයේ තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය ලද තොරතුරකට අනුව උප පොලිස්‌ පරීක්‌ෂක වයි. එස්‌. සුරවීර මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්‌ඩ වැඩිදුර පරීක්‌ෂණ සඳහා ශ්‍රී ලංකා රේගු නිවාරණ කාර්යාලයට භාර දී ඇත.

මේ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ උපදෙස්‌ මත ශ්‍රී ලංකා තේ මණ්‌ඩලය ද පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.