FAST NEWS

24×7 Around the Globe

සංගාගේ ට්වීට් එකක් සයිඩ් අජ්මාල් කොපි කරලා..

ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් මහා තරගය එංගලන්තය සහ පාකිස්තානය අතර ඊයේ පැවැත්වුන අතර මෙහිදි කිසිවෙකු නොසිතු ලෙසින් පෙරෙළිකාර ජයක් ලැබු පාකිස්තානය ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබු පළමු කණ්ඩායම බවට පත් විය.

මෙහිදි පාකිස්තානු කණ්ඩායමට සිය ට්විටර් ගිණුම ඔස්සෙ සුභ පැතූ සුපිරි ක්‍රිඩක සංගා පවසා තිබුනෙ ප්‍රථම තරගයෙන් ඉන්දියාවට පරාජය වූ පසුව අවසන් මහා තරගයට තේරී පත්වීම පෙරළිකාර බවයි.

සංගාගේ ට්විටර් පණිවිඩය එක් කර ස්වල්ප වේලාවකට පසු එම පණිවිඩයම පාකිස්ථානයේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල් සිය ගිණුමට එකතු කර තිබුනි.

එසේම සයිඩ් අජ්මාල් , ශාහීඩ් අෆ්රිඩි ඇතුලු බොහො පාකිස්තානු ක්‍රිඩකයන් ඉංග්‍රිසී භාෂාව හැසිරවීමේ දුර්වලතා නිසා මින් පෙර ට්විටර් සමාජ ජාලා වෙබ් අඩවියේ හාස්‍යයට ලක් වීමද විශේෂත්වයකි.

එම ට්විටර් පණිවිඩ පහතින්..