FAST NEWS

24×7 Around the Globe

ට‍්‍රැෆික් පොලිස්ලා මහ පාර මැදදීම යතුරුපැදිකරුවෙකුට පහර දෙන හැටි මෙන්න.. (වීඩියෝ)

 

මාර්ගයේ රාජකාරියේ නිතර වන පොලිස් රථවාහන කොට්ඨාශ නිලධාරියෙකු විසින් වත්තලදී මහ පාර මැදදීම යතුරුපැදිකරුවෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි සංසරණය වෙමින් ඇත.

සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සදහන් කරන්නේ මෙම මස 12 වැනි දින පස්වරු 05.20ට පමණ වත්තල සිල්වා ලීබඩු අලවිසැල ඉදිරිපිටදී මෙම සිදුවීම වූ බවයි.

මෙම සිදුවීමට මුහුණු දුන් පුද්ගලයා ගැන තොරතුරක් වෙතොත් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සදහා 0773083479 දරණ අංකයට දන්වන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

එම වීඩියෝව පහතින්..