FAST NEWS

24×7 Around the Globe

ඥාණසාර හිමි නිසා රාජිත මාධ්‍ය එක්කත් පැටලේ..

 

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ජාතිවාදියෙක් බවත් එය ඔප්පු කල යුතු නැති බවත් කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප‍්‍රශ්න කිරීමකදී ඇමතිවරයා මෙසේ පැවසීය.

මාධ්‍යවේදි- ඥානසාර හිමි ඉලක්ක කරලා සමහර ඇමතිවරු ප්‍රකාශ නිකුත් කරනවා.. ඒවත් ජාතික සංහිදියාව , ඒ වගේම මේ තියෙන ප්‍රශ්නය අවුළුවන ප්‍රකාශ නේ..

ඇමති රාජිත සේනාරත්න- ජාතිවාදියෙකුට ආගම්වාදියෙකුට විරුද්ධව ක්‍රියාකිරීම සංහිදියාවට කොහොමද බාධා වෙන්නේ කියලා ඔබතුමා කියන්න.. නෑ නිර්වචනය කරන්නකො සංහිදියාව මොකක්ද කියලා..

මාධ්‍යවේදි- උන්වහන්සේ ජාතිවාදියෙක් ආගම්වාදියෙක් කියලා කියන්නේ කොහොමද..

ඇමති රාජිත සේනාරත්න- කියන්නේ කොහොමද.. ඒක ඔබතුමාට තේරෙන්නේ නැද්ද.. එහෙමනම් ඔබතුමා මාධ්‍යවේදියෙක් නෙවෙයි..ඒක මම කියන්නම් ඔබතුමාට..

මාධ්‍යවේදි- ඒක ඔප්පු කරන්න ඕනනේ ඇමතිතුමා..

ඇමති රාජිත සේනාරත්න- මොකක්ද ඔප්පු කරන්නේ.. ඇයි උසාවි කීයක තියෙනවද නඩූ දාලා.. ඥානසාර හාමුදුරුවොවත් කියන්නේ නෑ එයා ජාතිවාදියෙක් නෙමෙයි කියලා.. නීති තර්ක වලින් මේ රටේ ජාතික ප්‍රශ්න විසදන්න බෑ.. ඒක දේශපාලන ප්‍රශ්න විදිහට ඒක දිහා බලලා කතා කරන්නට ඕනේ..