තමා රාජකාරිය සඳහා යන අතරතුරදී හමුදා නිලධාරියකු මඟ රැක සිට පහර දී තර්ජනය කළ බවට පොලිස් කාන්තාවක් විසින් පිංදෙනිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් විභාගයට ගත් කෑගල්ල මහෙස්‌ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් පැමිණිලිකාරිය බොරු පැමිණිල්ලක් කර ඇති බවට ඔප්පු වීමෙන් පසු පැමිණිලිකාර පොලිස් කාන්තාවට හා ඇයගේ සහෝදරියට රුපියල් ලක්‌ෂය බැගින් ශරීර ඇප දෙකක් මත නිදහස් කර වැඩිදුර විභාගය ඔක්‌තෝබර් මස 24 වන දිනට කල්තබන ලදී.
2017 මාර්තු 20 වැනි දින මෙම පැමිණිලිකාර පොලිස් කාන්තාව රාජකාරි සඳහා යන අවස්‌ථාවේදී අතරමඟදී හමුදා නිලධාරියෙකු තමාට පහර දී තර්ජනය කරන ලද බවට පිංදෙනිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් කෑගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නඩුව විමසන අවස්‌ථාවේදී මෙම පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවට ඔප්පු වීමෙන් පසු මහෙස්‌ත්‍රාත්වරයා විසින් ඇප නියම කොට නඩුව ඔක්‌තෝබර් මස 24 වැනි දිනට කල්තබන ලදී.









