FAST NEWS

24×7 Around the Globe

සුසන්තිකා අමාත්‍යංශයට ඇවිත් පඩි රැගෙන ගිය පසු ඇමති දයාසිරි කියූ දේ..

 

සුසන්තිකා ජයසිංහ මහත්මිය පෙරේදා (13) ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ තම දෙමසක වැටුප් වූ 120000 රැගෙන ගිය බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ(14) කැබිනට් මාධ්‍ය හමුවේදී දන්වා සිටියේය.

ඇයගේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නය ඒ අනුව හමාර වී ඇති බව පවසන ඇමැතිවරයා පසුගිය කාලයේ ඇය විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට ලබා දිය යුතුව තිබුණු කාර්ය රාජකාරි වාර්තා ලබා දුන්නාද නැද්ද යන්න පිළිබඳව තමා නොදන්නා බවද ප්‍රකාශ කලේය.

ලේකම්වරයා මේ සම්බන්ධ ලිපි ඇය වෙත යවා ඇති බැවින් තමන් මේ සම්බන්ධව විමසීමක් නොකළ බවද ඇමැතිවරයා පෙන්වා දුන් අතර තමන්ට ඇය සමග කිසිඳු ගැටලුවක් නැති බවත් ඇයටද තමා සමග කිසිඳු ගැටලුවක් ඇතැයි තමන් නොසිතන බවත් ඇමැති දයාසිරි ජයසේකර සදහන් කලේය.