FAST NEWS

24×7 Around the Globe

වැනෙසා – වර්ණපුර නිසා ජයන්ත ධර්මදාස ඉල්ලා අස්වීම දෙයි..!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව තමන් උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වූ බව දන්වමින් අදාළ ලිපිය පෙරේදා (13දා) රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට යොමු කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර කටයුතු භාරව කටයුතු කළ ජයන්ත ධර්මදාස මහතාගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතූන් අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස කටයුතු කළ වැනෙසාද සිල්වා මහත්මිය ඉවත් කර එම අංශයේ තනතුරකට අප්සාරි තිලකරත්න මහත්මිය පත්කිරීම බවද පැවසේ.

එසේම ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකාරු තනතුරට බන්ධුල වර්ණපුර මහතා පත් නොකර අසංක ගුරුසිංහ පත්කිරීමත් යන කාරණාවද මීට හේතු වි ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් උප සභාපතිවරයාගේ මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා විසින් නිලවශයෙන් පිළිගෙන නොමැති බවද වාර්තා වන අතර ධර්මදාස මහතා තම තනතුරින් ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇති සිවුවැනි අවස්ථාව මෙය බවද පැවැසේ.

(DE සිල්වා)