ක්‍රිකට් ක්‍රීඩාව යනු කුමක්‌ද කියා බුද්ධිමත් ජනතාව දන්නා බවත් එහිදී බුද්ධිමත්ව සිතා ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන සටහන් කළ යුතු බව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
චැම්පියන්ස් කුසලාන එක්‌දින ක්‍රිකට් තරගාවලි පරාජයෙන් පසුව දිවයිනට පැමිණී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඊයේ (14) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙ බව ප්‍රකාශ කළේය.
තමා පන්දු යැවීමෙදි තමා ඉදිරියේදීම උඩපන්දු අතහැරීමෙන් තරගය පරාජය වූවාදැයි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට මාලිංග පිළිතුරු සපයමීන් හෙතෙම මෙ බව අවධාරණය කර සිටියේය.
”මමත් ඕන තරම් උඩපන්දු අතහැරලා තියෙනවා. මම මැච් එකකදී කඩුලු පහක් ගත්තොත් කවුරුත් චම්පක සර් ගැන කතා කරන්නෙ නැහැ. හැබැයි නොගත්තොත් මට බණිනවා. පන්දු රකින්නන් කියන්නෙ අවදානමක් නැතිම අය. මගේ බෝලයකට කවුරු හරි උඩපන්දුවක් අල්ලගෙන කඩුල්ලක් ගත්තහම කතා කරන්නෙ උඩපන්දුව ගත්ත එක්‌කෙනා ගැන නෙමෙයි මම ගැනයි. හැබැයි උඩපන්දුව අතහැරියාම ඔහුට බණිනවා. කවුරු උඩපන්දු අතහැරියත් පන්දු රකින පුහුණුකරුවන්ට බැණල වැඩක් නැහැ. ක්‍රිකට්‌වල ඇත්ත මේක තමයි. ඒ නිසා කවුරු මොනව කිව්වත් බුද්ධිමත් ජනතාව දන්නවා ක්‍රිකට් කියන්නෙ මොකක්‌ද කියලා. ඒ නිසා බුද්ධිමත්ව හිතල ක්‍රීඩකයන් ගැන ලියන්නත් ඕන.”
එසේම තමාට කිසිම කලකිරීමක් නැති බවත් අවස්‌ථාවක් ලැබුණොත් 2019 ලෝක කුසලාන ක්‍රීඩා කරන බවත් මාලිංග මෙහිදි වැඩිදුරටත් සඳහන් කර සිටියේය
”මට දැන් වයස 33 යි. ඉස්‌සර වගේ මට දැන් ලොකු දේවල් කරන්න බැහැ. සමහරවිට මම තරග දිනවන පන්දු යවන්නෙක් නොවෙන්න පුලුවන්. මෙතන ඉන්නවා සභාපති, නායකයා සහ තේරීම් කමිටුව. ඒ අය මට අවස්‌ථාවක් දුන්නොත් 2019 ලෝක කුසලානයටත් යනවා.”
(DE ි සිල්වා)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.