FAST NEWS

24×7 Around the Globe

ඩ්‍රෝන යානයක සවි කල කැමරාවකින් අපූරු හෝඩුවාවක්.. (ඡායාරූප)

උතුරු කොරියාවට අයත් බව සැකකෙරෙන නියමුවන් රහිත යානයක් දකුණු කොරියාවේ ස්ථාපිත කර තිබෙන ඉහළ තාක්ෂණයෙන් යුත් ඇමෙරිකානු මිසයිල නාශක පද්ධතියේ ඡායාරූප ගෙන ඇතැයි දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.

කැමරාවක් සවි කරන ලද මෙම ඩ්‍රෝන යානය පසුගිය සතියේදී උතුරු කොරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි වනයක තිබී සොයාගෙන ඇති අතර එය 2014 වසරේදී උතුරු කොරියානු දේශසීමාව ආසන්නයේ තිබී සොයාගත් උතුරු කොරියානු ඩ්‍රෝන යානයට සමාන බව පැවසේ.

“මේ යානය තාඩ් මිසයිල නාශක පද්ධතියේ ඡායාරූප 10ක් පමණ අරගෙන තිබෙනවා” යැයි දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙක් පවසා ඇති බව සදහන්ය.

ඇමෙරිකාවට අයත් තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් දකුණු කොරියාවේ සියෝන්ග්ජු පළාතේ ස්ථාපිත කර තිබෙන අතර උතුරු කොරියාවේ සිට කිලෝමීටර 250ක දුරින් එය ස්ථාපිත කර තිබේ.

උතුරු කොරියාවෙන් එල්ල විය හැකි තර්ජනයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් මෙම මිසයිල පද්ධතිය ස්ථාපිත කර ඇත.