FAST NEWS

24×7 Around the Globe

පැහැරගැනීමකට ලක් වෙලත් දුෂණයෙන් බේරී ආ තරුණියකගේ අපූරු මායම..

 

දුර පළාතකින් පැමිණ බෝඩිමක නතර වී බලන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයට යන වයස අවුරුදු 26 ක තරුණියක් වැඩ නිම වී නවාතැනට යන අතරමඟදී රාත්‍රි 7.15 ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි තරුණයන් තිදෙනකු විසින් ඇය පැහැරගෙන ගොස් පැහැරගෙන ගොස් තිබේ.

පසුව මෙම තරුණියගේ පඹහින්න ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී ඇය සතු ගෙල බැඳි රන් මාලය සහ අත් පළඳනාව ද පැහැර ගෙන ඇති අතර ඉන් අනතුරුව මෙම තරුණයන් සුදානම් වී ඇත්තේ තරුණිය දුෂණය කිරීමටය.

තමන්ට අත්වන්නේ කුමන ඉරණමක්‌ දැයි වැටහී ගිය තරුණිය තරුණයන්ට අවශ්‍ය පරිදි සිටින්නම් යැයි අපූරු යෝජනාවක්‌ ඉදිරිපත් කලාය.

එක්‌ එක්‌ තරුණයා සමඟ වෙන් වෙන්ව ලිංගික ඇසුරකට කැමැති බවත්, දින වෙන්කරවාගෙන කැමැති සුදුසු තැනකට තමා එක්ව යන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

ඒ අනුව තම ජංගම දුරකථනයේ අංකය ද ඇය ලබා දුන් අතර ඉන් පසු තරුණයන් තිදෙනා ඇය සමඟ සුහද වී පඹහින්න ප්‍රදේශයේ තේ පැන් හලකට ගොස්‌ තේ පානය කර යළි බෝඩිම අසලට ගෙනැවිත් දමා තිබුනි.

මට හෙට වුණත් කමක්‌ නැහැ කතා කරන්න කියා ඔවුන් තිදෙනාටම හාදු දී මැය සමුගෙන බෝඩිමට ගොස් ඇති අතර පසුදින පින්නවල පොලිසිය වෙත ගොස්‌ තමන් මුහුණ දුන් සිද්ධිය පොලිස් ස්‌ථානාධිපතිවරයාට ඇය පැමිණිලි කොට තිබේ.

පසුව පොලිසියෙන් උපදෙස් මාලාවක් ඇයට ලබා දී ඇති අතර එම උපදෙස්‌ අනුව කටයුතු කරන ලෙසද උපදෙස්‌ ලබා දී ඇත.

එදිනම පෙර කී තරුණයන් තිදෙනාගෙන් දෙදෙනකුම මැයට ඇමතුම් ලබා දී සවස හමුවීමට අවශ්‍ය බව දැනුම් දී ඇති අතර තමා අසනීප තත්ත්වයෙන් බළන්ගොඩ රෝහලේ නේවාසිකව පසුවන බවත් කෑම පාර්සලයක්‌ සහ වතුර බෝතලයක්‌ රැගෙන පැමිණෙන ලෙසත් ඇය තරුණයන්ට පවසා තිබුනි.

මේ වන විට පොලිසිය මොවුන්ට එලා තිබූ දැල ගැන නොදත් දෙදෙනාගෙන් කෙනෙකු පස්‌වරු 1.00 ට පමණ රෝහලට පැමිණ පිටත බංකුවේ වාඩි වී සිටි තරුණිය වෙතට ගොස්‌ කෑම බීම දෙන විටම ඔහු අත්අඩංගුවට පත් ව තිබූ අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත අනෙක්‌ දෙදෙනා ද අත්අඩංගුවට ගෙන බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව තරුණයන් තිදෙනා ලබන 13 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලබා දෙන ලදි.