අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට එරෙහිව සිය සටන දියත් කිරීමට එංගලන්තය භාවිත කෙරෙන රහස් අවියක් ගැන මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ දැඩි කතා බහට ලක්වෙමින් තිබේ.
එසේ දැඩි කතාබහට ලක්ව ඇත්තේ, සචින් ටෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් ටෙන්ඩුල්කාර්ගේ සහය එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් පුහුණු කිරීම සඳහා යොදා ගැනීම ය.
දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය වමත් වේග පන්දු යවන්නන්ට වාසි දායක බැවින් එංගලන්ත කණ්ඩායමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිකෙල් ස්ටාර්ක් සහ මිකෙල් ජොන්සන්ගෙන් බලපෑම් එල්ල විය හැකි හෙයින් ඊට මුහුණ දීම සඳහා මෙම පිළියම අත්හදා බලමින් සිටී.
එහිදී අර්ජුන් ටෙන්ඩුල්කාර්ගේ වමත් වේග පන්දුවලට මුහුණ දීමට එංගලන්ත පිතිකරුවන් පුහුණුවක් ලබමින් සිටිති.
[youtube url=”https://www.youtube.com/watch?v=SweT5qKOZEM” width=”560″ height=”315″]






