FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය විද්‍යාල 15ක් අලුතින් ඇරඹීමට යන ප්‍රසිද්ධ හිමි නම..

 

දේශපාලනඥයින්ගේ හිතවතුන් පිරිසක් මෙරට පෞද්ගලික වෛද්‍ය ආයතන 15ක් ඉදිකිරීමට පිඹුරුපත් සකස් කරමින් ඇති බවත් ඒ අතර ප්‍රසිද්ධ හිමි නමක් සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

අලුතින් වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට අයැදුම්පත් මේ වන විට වෛද්‍ය සභාවට ඉදිරිපත් වෙමින් ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ‍ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

රජයේ වෛද්‍ය විද්‍යාල ශක්තිමත් කළ යුතුව තිබියදී පුද්ගලික වෛද්‍ය විද්‍යාල 15ක් අලුතින් ඇරඹීමට දේශපාලනඥයින් කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවද අලුත්ගේ මහතා සඳහන් කළේය.