FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ බිරිඳ ධවල මන්දිරයේ පදිංචියට ආ හැටී.. (වීඩියෝ)

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා සහ පුත් බැරන් ට්‍රම්ප් ජනපති ධූරයට පත්වන අවස්ථාවේ ධවල මන්දිරයට නොපැමිණියේ බැරන් පුතුගේ අධ්‍යාපන කටයුතු අධ්‍යයන වර්ෂාවසානය දක්වා නිව්යෝර්ක් නුවර සිටිය යුතු නිසාවෙන් බව එවකට වාර්තා විය.

එය මේ වන විට අවසන්ව ඇති නිසා වොෂින්ටනයේ ධවල මන්දිරයේ පදිංචියට ඔවුන් පැමිණ ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වී මාස පහකට පසු පැමිණි මෙලනියා නව වාසස්ථානය පිළිබඳව ඉතා සතුටින් සිටින බව ට්විටර් සමාජ ජාලයට නිකුත් කර ඇති ඡායාරූපයකින් දක්වා ඇත.

වීඩියෝව පහතින්..