තිස් හැවිරිදි බොලිවුඩ් නිළියක වන ක්‍රිතිකා චෞඩ්ද්‍රීගේ මළසිරුර සුබුර්බන් අන්දීරෛහි ඇගේ නිවසේදී ඊයේ (12) හමු වූ බව පොලිසිය පැවසීය.
ඝාතනයක් වශයෙන් පොලීසිය මෙම මරණය සැක කරන බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නිලධාරියකු ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇති අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති බව වාර්තා විය.
ක්‍රිතිකා චෞද්‍රිගේ නිවස දෙසින් දුර්ගන්ධයක් එන බවට අසල්වාසීන්ගෙන් ආ පැමිණිලි අනුව මළ සිරුර සොයා ගෙන ඇති අතර අන්දීරෛ බටහිර බංගලා හතරකින් සමන්විත භෛරවනාත් නිවාස පෙළෙහි ඇය පදිංචිකාරියක වී සිට ඇත.
නිවසේ දොර කඩා එහි පොලිසිය ඇතුළු වුවද ගෙවුණු දින තුනක් හෝ හතරක කාලයක් තුළදී නිවස අඟුළු ලා තිබුණේ පිටතින් බවද හඳුනා ගෙන ඇතැයි වාර්තා වේ.
දිරාපත් වෙමින් තිබූ ක්‍රිතිකාගේ මළසිරුර පසුව රංගන ශිල්පිනියගේම බවද හඳුනාගෙන ඇති අතර අම්බෝලි පොලිසිය පවසන්නේ තවමත් මිනීමරුවා හඳුනාගෙන නොමැති බවය.
ක්‍රිතිකා චෞද්‍රි, හරිද්වාර්හි සිට පැමිණ රංගන වෘත්තීයේ නිරත වූ අතර මෑතකදී කන්ගනා රනෝත් සමග රඟපෑ ‘රජ්ජෝ’ ඇගේ රසික ප්‍රතිචාර වැඩියෙන් ලබා ගත් නිර්මාණය වන බවද සදහන්ය.
ඡායාරූප පහතින්..





.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
















