FAST NEWS

24×7 Around the Globe

“ඔබට සතුටුද දැන්..”

“මාධ්‍යවේදින්ගේ දෙමාපියෝ මතක් කරලා දුරකථනයෙන් තර්ජනය කරලා බය කරලා මාධ්‍ය නිදහස කප්පාදු කරලා. මාධ්‍ය නිදහස ගැන කියලා ආපු අර සිවිල් සංවිධානවලින් දැන් අපිට අහන්න තියෙන්නේ ඔබට සතුටුද කියලා තමයි.“

වර්තමාන ආණ්ඩුව ජනතාවට ඇත්ත තත්ත්වය එළි කිරීම සඳහා මාධ්‍යයට ඇති අයිතියට ඉඩ දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අරණායක සාමසර කන්දේ අවතැන් වුවන් වසරකටත් වඩා වැඩි කාලයක් රැඳි සිටින කුඩාරම්වල නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් අද ( 13) මේ බව ප්‍රකාශ කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“මාධ්‍යවේදියාගේ අම්මා මතක් කරලා බනින ආණ්ඩුවකුයි කැබිනට් මණ්ඩලයකුයි ඉන්නේ. මාධ්‍ය නිදහස කියන දේ සම්පුර්ණයෙන් කප්පාදු කරලා. ඉතින් මේ අහිංසක ජනතාවට තමන්ගේ ප‍්‍රශ්න කියන්න අවස්ථාවක් දෙයිද ? මාධ්‍ය නිදහස ගැන කියලා ආපු අර සිවිල් සංවිධානවලින් දැන් අපිට අහන්න තියෙන්නේ ඔබට සතුටුද කියලා තමයි. “

ඒ වගේම මේ ටෙන්ට් දීලා තියෙන්නේ මාස හයක් සඳහා ඊට පස්සේ මේවා දිරාපත් වෙනවා වැඩක් ගන්න බැරි තත්වයට පත් වෙනවා. නමුත් දැන් අවුරුද්දකට වැඩි කාලයක් මේ කුඩාරම් වල ඉන්නවා ගෙවල් කිහිපයක් පමණක් රාජ්‍ය නොවන සංවිධානවලින් සකස් කරලා දිලා තියෙනවා. සමහර තැන්වල තට්ටු නිවාස සකස් කරමින් යනවා කියලා කියනවා. මේවා කඩිනම් කරන්න කිසිම විදිහකින් කටයුතු කරන්නේ නැහැ.”