FAST NEWS

24×7 Around the Globe

මාර්ගයට කුණු මුදා හැරීමට පටන් ගැනෙයි..

කොළඹ කුණු එකතු කිරීම පසුගිය සිකුරාදා (08) දින සිට නවතා දමා ඇති බව වාර්තා විය.

මෙහි වත්මන් තත්වය පිළිබද කොළඹ නගර සභාවේ ප්‍රධාන ඉන්ජිනේරු කුමුදු ලාල් මහතාගෙන් විමසීමක් සිදු කිරීමේදී ඔහු ප්‍රකාශ කර සිටියේ තවදුරටත් කොළඹ නගරය තුළ කුණු එකතු කිරීමේ ක්‍රියාවලිය අත් හිටුවා ඇති අතර ඒ සදහා නිශ්චිත පිළියමක් තවමත් ගෙන නොමැති බවයි.

දින කිහිපයක සිට මේ සදහා සාකච්ඡා පවත්වා ඇතත් තවමත් ඊට නිසි පිළිතුරක් ලැබී නොමැති බවත්  කුණු එකතු කිරීම අත් හිටුවීමත් සමගින් ජනතාව මාර්ගයට කුණු මුදා හැරීමට පටන්ගෙන ඇති බවත් හෙතෙම පැවැසීය.

එම තත්ත්වය කෙරෙහි පරිසර පොලිසියේ ක්‍රියාකාරීත්වයද ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව ප්‍රකාශ කළ ඉන්ජිනේරුවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ තත්වය සමඟ මහජනතතාව තවදුරටත් මාර්ගවලට කුණු දැමීම සිදු කරන බවයි.