FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය 15, 16, 17, දිනවලදී…

දක්ෂිණ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය මේ මස 15, 16, 17, සහ 18 යන දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 9 දක්වා ගාල්ල නගර ශාලාවේදී පැවැත්වේ

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මෙම වැඩ සටහන සංවිධානය කර තිබේ.

‘දැනුම ධනය කරගත් පරපුරක් උදෙසා දකුණේ පොත් වසන්තය යන තේමාවෙන් යුතුව පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය හා සල්පිලටෙ දිවයිනේ ප්‍රමුඛ පොත් ප්‍රකාශක සමාගම් මෙන්ම ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයන් රැසක් සහභාගීවීමට නියමිතය.

මෙහි සමාරම්භක උත්සවය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 15 දින ප.ව. 9.00 ට ප්‍රදර්ශන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පොත් ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවීමට, දුෂ්කර පාසල්වල පුස්තකාල සංවර්ධනයට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට හා ගංවතුරෙන් ආපදාවට ලක්වූ දරුවන්ගේ අඩාල වූ අධ්‍යාපන කටයුතු නංවාලීමටත් සංවිධායකයෝ අපේක්ෂා කරති.

(DE සිල්වා)