FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට.. (තරග කාලසටහන)

ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරගාවලි සංචාරයක් සඳහා ඉන්දීය කණ්ඩායම ලබන ජුලි මස 19  වැනිදා ශ්‍රී ලංකාවට පැමීණිමට නියමීත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.

එ අනුව ජුලි 21 හා 22 දා කොළඹදී පැවැත්වෙන පුහුණු තරගයකින්  අනතුරුව මෙම තරග සංචාරය ආරම්භ වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි..

මෙම තරග සංචාරය සඳහා ටෙස්ට් තරග තුනක්, එක්දින තරග පහක් හා විස්සයි20 තරගයක් ඇතුළත් වන බවද සඳහන්.

ටෙස්ට් තරගාවලිය

නුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය – (ජුලි 26 සිට30)
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය – (අගොස්තු 04 සිට 08)
කොළඹ එස්.එස්.සී ජාත්‍යන්තර ක්‍රීඩාංගණය  – (අගොස්තු 12 සිට 16)

එක්දින තරගාවලිය

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය -අගොස්තු 20
                                                                           සැප්තැම්බර් 03
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය – අගොස්තු 24
නුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය – අගොස්තු 27
                                                                         අගොස්තු 30

විස්සයි විස්ස තරගය

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය – සැප්තැම්බර් 06

(DE සිල්වා)