FAST NEWS

24×7 Around the Globe

කලින් තිබුණු ආණ්ඩුව මීට වඩා හොදයි..

 

ගිය ආණ්ඩුවට තරම්වත් උද්දමනය පාලනය කිරීමට මේ ආණ්ඩවට හැකියාවක් නැතැයි සමස්ථ ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය අමතමින් මරදානේදී පැවසීය.

කලින් තිබුණු ආණ්ඩුව මීට වඩා හොද බව දැන් හිතෙන බවත් පැවැසූ ඔහු, අද රුපියලේ අගය වේගයෙන් අඩුවෙමින් පැවැතීම නිසා සියළු ආනයනික භාණ්ඩ මිල ඉහල යාම ජනතාවට බර දරා ගැනීම ඉතා අසීරු වී ඇතැයිද සදහන් කලේය.