FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව පරාජය කළ පාකිස්තානය දඩ කයි…

2017 චැම්පියන්ස් කුසලානයේ ශ්‍රී ලංකාව සමඟ ඊයේ (13) පැවති තරගයේදී අඩු පන්දුවාර වේගය නිසා පකිස්තාන කණ්ඩායමට දඩ නියම කර තිබේ.

පාකිස්තාන කණ්ඩායම සිය නියමීත කාලය තුළ යවා අවසන් කර  ඇත්තේ පන්දුවාර 49 ක් පමණක් වන හෙයින් මෙම තරග තීරකවරයා විසින් මෙම දඩය නියම තර ඇත.

එ අනුව නායකත්වය දැරූ සප්‍රාස් අහමඩ්ට ඔහුගේ තරග ගාස්තුවෙන් සීයයට විස්සක් ද, කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් සීයයට දහයක් ද දඩ ලෙස නියම කර තිබේ.

අයි.සී.සී රෙගුලාසිවලට අනුව මෙම තරගාවලිය තුළ නැවත වරක් පකිස්තාන කණ්ඩායම මෙම වරද සිදු කළහොත් නායක සප්‍රාස් අහමඩ්ට එක් තරගයක් සඳහා තරග තහනමක් ද පැනවෙනු ඇත.

(DE සිල්වා)