FAST NEWS

24×7 Around the Globe

රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට සිර දඬුවම්..

රුසියාවේ විපක්ෂ නායක 41 හැවිරිදි ඇලෙක්සි නවාල්නි හට දින 30 ක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

දිගින් දිගටම නීතිය කඩ කිරීම සහ විරෝධතා රැළි පැවැත්වීම යන චෝදනා හේතුවෙන් ඔහුට මෙලෙස දඩුවම් නියම වී ඇතැයි එම වාර්තා පවසයි.

ඊයේ(12) දිනයේ දූෂණ විරෝධතා රැළි ආරම්භ කිරීමට පෙර ඔහුව නිවාස අඩස්සියට ලක් කර ඇති බවත් , අදාළ විරෝධතා සදහා සහභාගී වු දහස් ගණනක් ජනතාව එරට කැරළි මර්ධන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සදහන් වේ.

ඇලෙක්සි නවාල්නි ගේ නීතිඥයින් මෙම නඩුව අතහැර දමන ලෙස මොස්කව් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති නමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කර ඇති බවත් සඳහන්.

එළඹෙන වසරේදී රුසියානු ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂා කර විපක්ෂ නායකවරයා, මොස්කව් නගරයේ පැවැත්වෙන අනවසර විරෝධතා රැළියකට සහභාගී වීමට සිටි බවද වාර්තා වේ.

(DE සිල්වා)