FAST NEWS

24×7 Around the Globe

අද තරඟකාරිත්වය බස් කුඩු කරගන්න තත්ත්වයට පත් වෙලා..

ප්‍රවාහන ක්ෂේත්‍රය නියාමනය කිරීම නීතියෙන් මෙය කළ හැකිද, සදාචාරය තුළින් කළ හැකිද, යහපාලනයෙන් කළ හැකිද යන්න පිළිබඳ අද විශාල ප්‍රශ්නයක් මතුවී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (12) බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේ පැවති ජාතික හා පළාත් ප්‍රවාහන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම පිළිබඳ පැවති වැඩ මුළුවේදී පැවැසීය.

අද ගමනාගමන මණ්ඩලය සහ පුද්ගලික බස් හිමියන් අතර තරඟකාරිත්වය ඔළු පලාගන්න තත්ත්වයට, බස් කුඩු කරගන්නා තත්ත්වයට, මැර ක්‍රියාවන් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

“ මං ළඟට බස් පර්මිට් ඉල්ලා විශාල ප්‍රමාණයක් දවස ගානේ එනවා. ඒ අයව ආපසු හරවලා යවනවා. අද ජාතික ගමනා ගමන කොමිසමේ ලිපි ගොනු 2095ක් FCID එකට අරගෙන ගිහිල්ලා තියෙනවා.. පසුගිය කාලේ නිකුත් කළ බස් පර්මිට් වල අකටයුතුකම් පිළිබඳව පරික්ෂා කරන්න. යහපාලනයත් සමග මේ වගේ ප්‍රශ්න එනවා. ඒ පිළිබදව හැමෝම හිතට ගන්න ඕනා.

ඒ නිසා මං ළඟට එන හැමෝටම කියන්නේ යහපාලනය යටතේ අතයට පර්මිට් දෙන්නේ නෑ කියලා . වැරදි විදිහට පර්මිට් දෙන්න බැහැ. නියම විදිහට ටෙන්ඩර් පරිපාටියට අනුව පර්මිට් ලබාදෙන්න ඕනා. “