FAST NEWS

24×7 Around the Globe

ගගනගාමියෙක් වෙන්න ඉන්න අමීර් ඛාන්..

 

බොලිවුඩ් සිනමා තිරයේ දැවැන්තයෙකු වන අමීර් ඛාන් ගගනගාමියෙක් වීමට නියමිත බව වාර්තා වේ.

අමීර් මෙලෙස ගගනගාමියෙක් වන්නේ ඔහුගේ අළුත්ම චිත්‍රපටය සදහාය.

සැලූට් (Salute) ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය, ඉන්දියාවේ පළමු ගගනගාමියා වන රාකේෂ් ශර්මා ගේ ජීවිත කතාව ඇසුරෙන් තැනුනකි.

සිය රංගන දායකත්වයට අමතරව, අමීර්, රොනී ස්ක්රූවාලා හා සිද්ධාර්ථ් රෝයි කපූර් සමග මෙම චිත්‍රපටයේ සම-නිෂ්පාදකයෙකු ලෙසද කටයුතු කරනු ඇත.

එසේම මෙම චිත්‍රපටයට කත්‍රිනා කයිෆ් හා අමිතාබ් බච්චන් ද රංගන දායකත්වයක් ලබාදෙන බව විදෙස් වාර්තා වල දැක්වේ.