FAST NEWS

24×7 Around the Globe

ජල ගැල්මෙන් හානි වු රත්නපුර කර්මාන්ත කඩිනමීන් නගා සිටුවනවා.- ඇමති රිෂාඩ්

ජල ගැලීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ , මධ්‍ය පරිමාණ සහ ක්‍ෂුද්‍ර කර්මාන්ත 264ක් විනාශ වී ඇති බවත්, දහසකට පමණ රැකියා අහිමිව ඇති බවත් මෙම කර්මාන්ත කඩිනමින් නගා සිටුවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

ජල ගැලීමෙන් හානියට පත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සුළු හා මධ්‍ය පරිමාණ සහ ක්‍ෂුද්‍ර කර්මාන්ත පිළිබඳ ව සමීක්ෂණයක් කරන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ට මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යාවරයා තවදුරටත් පැවසීය.

(DE සිල්වා)