FAST NEWS

24×7 Around the Globe

ඉන්දු – ශ්‍රී ලංකා තරගය හා අද තරගය ගැන පාකිස්ථාන පුහුණුකරුගෙන් ප්‍රකාශයක්..

ශ්‍රී ලංකා කණ්ඩායම කිසිසේත් විශ්වාස කල නොහැකි භයානක කණ්ඩායමක් ලෙස අද (12) පැවැත්වෙන 2017 වැම්පියන්ස් තරගාවලියේ ශ්‍රී ලංකා පකිස්ථාන තීරණාත්මක එක්දින තරඟය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පකිස්ථාන පුහුණුකරු මිකී ආතර් මහතා පවසා ඇත.

“ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ හරි අනතුරු දායී කණ්ඩායමක්,ඔවුන් ඉන්දියාව පරාජය කල විදියනම් ඇති විශිෂ්ටයි.එදා අපි දක්කේ ලංකාවේ නිර්භය ක්‍රීඩා විලාශය ඒ වගේම අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කලේ ඉන්දීය කණ්ඩායමට,අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඒ වගේ අවදානම් කණ්ඩායමකට.”

ඉන්දියාව සමගින් තරඟයට මුහුණ දීමට පෙරම පකිස්ථාන කණ්ඩායම එම තරඟය පරාජය මානසිකව පරාජය වී සිටි බවත් දකුණු අප්‍රිකා තරඟය ඇරඹීමට පෙර කණ්ඩායමේ මානසික තත්වය ඉහලට ගෙන ඒමට කල විශේෂ උපක්‍රම එම තරඟය ජයග්‍රහණය වෙත රැගෙන යාමට බලපෑ බවද මිකී ආතර් මහතා සඳහන් කර තිබේ.

එසේම තම කණ්ඩායම සතුව දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක් සිටින බවත් ඉමාඩ් වසීම් හසන් අලී වැනි ක්‍රීඩකයන් පකිස්තානයට ඉදිරි වසර කීපයේ ජයග්‍රහණ ලබාදීමට හොඳ සුදානමක සිටින බවද ආතර් මහතා පවසා ඇත.

(DE සිල්වා)