FAST NEWS

24×7 Around the Globe

ලංකාව ලොකයේ පොහොසත්ම රටවල් අතරට ආවේ මගේ පාලන කාලේ..

ශ‍්‍රී ලංකාව ලෝකයේ පොහොසත්ම රටවල් 75 අතරට ගෙන ආවේ තමන්ගේ පාලන සමයේදී බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවැසීය.

තමන් ඒ ගැන ආඩම්බර වන බවද සදහන් කල ඇය පැවැසුවේ අද ඊට එක එක්කෙනා ලකුණු දමාගන්න හදන බවයි.

තම පාලන කාලය තුල ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහල ගිය බවත්, දල දේශීය නිෂ්පාදනය ඉහල ගිය බවත් බවසන හිටපු ජනාධිපතිනිය තම පාලන සමයේදී රාජ්‍ය සේවක වැටුප් පස් ගුණයකින් ඉහල දැමූ බවද සදහන් කලාය.