හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය වන ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිදුම් ලැබිමට ඊයේ (08) දිනයේ භාග්‍ය හිමීකර ගත්තතේය.
චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඉන්දු – ශ්‍රී ලංකා තරගය අතරතුරදී මෙම සම්මානය මුත්තයියා මුරදිරන් වෙත පිදුම් ලැබු අතර ,‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිඳුම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස මුරලිදරන් ඉතිහාසයට එක්විය.
මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක් ලබාගත් ලොව ප්‍රථම සහ එකම පන්දු යවන්නා වන අතර ඔහු එක්දින ක්‍රිකට් තරගවලදී කඩුලු 534ක් දවා ගැනීමට සමත්ව තිබේ.
ලෝක ක්‍රිකට් වංශ කතාව තුළ එදා මෙදා බිහි වූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස ජාත්‍යන්තර විස්තර විචාරකයින් මුත්තයියා මුරලිදරන්ව හඳුන්වනු ලැබේ.









