FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු ඉහළ යා හැකි ප්‍රතිශතය මෙන්න..

වාර්ෂික බස්‌ ගාස්‌තු සංශෝධනයට අනුව ලබන මස ජුලි 1 වැනිදා සිට බස්‌ ගාස්‌තු ඉහළ යා හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක්‌ අබේසිංහ මහතා ඊයේ (11) පැවැසීය.

ඒ අනුව බස්‌ ගාස්‌තු සියයට 6 ත්, සියයට 6.5 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යෑමට නියමිත වුවද මෙතෙක්‌ අවසන් තීරණයක්‌ ගෙන නැතැයි පැවැසූ ඔහු, බස්‌ ගාස්‌තු සංශෝධනය සම්බන්ධයෙන් පෞද්ගලික බස්‌ සංගම් ඇතුළු අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයිද පැවැසීය.