FAST NEWS

24×7 Around the Globe

කුවේටයේ ලාංකික දන්සැල මෙවරත්..

කුවේට් හි “ අපි ශ්‍රී ලාංකිකයෝ සංගමය ” විසින් තානාපති කාර්යාලයේ ද සහයෝගිය ඇතිව අට වැනි වරට ඉදිරිපත් කරන පොසොන් උත්සවය හා පිංකම මෙවරත් කුවේට් තානාපති කාර්යාල භූමියේ දී 08 හා 09 දෙදින තුළ පැවැත්වෙන වාර්තා වේ.

අට වැනිදා සවස හතට ගිලන්පස බුද්ධ පුජාව රැගත් දර්ශනීය පෙරහැරක් ද පස්වරු 7.45 ට පැලැන්වත්තේ සෝභිත හිමියන්ගේ සුමධුර දම් දෙසුමක්  ද මෙම පිංකමට ඇතුළත් වන බව සදහන්ය.

09 වැනිදාද ආගමික වතාවත් රැසක්  පැවැත්වෙන අතර සිල් සමාදන් වීමට කැමති අයට ඒ සඳහා ද අවස්ථාව හිමි වන බව සදහන්ය.

එදින රාත්‍රි දම් දෙසුමක් ද පැවැත්වෙන අතර සිසිල් පැන් දන්සැලක්, සව් දන්සැලක් හා මහා බත් දන්සැලක් ද පැමිණෙන අය වෙනුවෙන් සුදානම් කර ඇති බව වාර්තා වේ.